Tuesday, August 25, 2009

සරසවි මැතිවරණය.

සරසවි මැතිවරණය යනු ජනාධිපතිවරණයටත් වඩා බලගතු මැතිවරණයකි. ගිනි කෙලි, ගුටි කෙලි මෙන්ම හොර ඡන්ද දැමීම්, දෙපිලට මඩ ගසා ගැනීම්, පෝස්ටර් සන්දර්ශන, දේශන අතරවාරයේ මැදට පැමින ඔවුන්ගේ දේශන පැවැත්වීම් යන මේ සියල්ල කරලියට පැමිනෙන්නේ මැතිවරණ සමයෙහිය. හොර රහසේ එක එකා බිලී බා ගැනීම්ද නැතුවා නොවේ. මෙහිදී මා ක්‍රියාකාරීව සිටි පක්ෂය ගැන සදහන් නොකරමි.පක්ෂ දෙකක් තරග වැදුනි. පොදු ශිශ්‍ය ක්‍රියාකාරීන් යනු ජනතා විමුක්ති පෙරමුනට කත් අදින්නන් බව පිලිගත් මතයයි. කෝලම අසල තම පක්ෂ කාර්යාලය අටවා ගන්නා ඔවුන් පක්ෂ ක්‍රියාකාරකම් පටන් ගනී. පොද්දො එසේත් නැත්නම් ජෙප්පො වශයෙන් හදුන්වන මොවුන්ට දෙශාභිමනත්වය, සරසවිය යනු පපුව තුල කැකැරී පැමිනෙන අභිමානයකි.මා සිටිනා කාලයේදී ජෙප්පන්ට සිටි නායකයාගේ ගොන්කම් හේතුවෙන් ඔවුන්ට බලයට පැමිනිය නොහැකි විය. වර්තමානයේ රනිල්ට සිදු වු වින්නැහියම ඔහුට සිදුවිය. එමෙන්ම ජෙප්පන්ට ප්‍රථම වසර සිසුන්ගේ ඡන්දය නොලැබී ගියේ සෑම කෙනෙකුටම එක ලෙස සැලකිය යුතු බැවින් නවක වදය යලි සරසවිය තුල ස්ථාපිත කල යුතු බව පුන පුනා පැවසූ බැවිනි.

මහා ශිෂ්‍ය ක්‍රියාකාරීන් යනු ආණ්ඩුවට කත් අදින්නන්ය. මොවුන් සරසව්ය තුල හැදින් වුවේ අලයො ලෙසය. අලයන්ගේ පක්ෂ ක්‍රියාකාරිත්වය තිබුනේ යෙලො ටේබල්ස් ලෙස බොහො දෙනා හදුන්වන කොමන් රූම් එකක් තුලය. මෙහි මේස කහ පාටින් යුත් බැවින් එය යෙලොස් ලෙස හැදින්වේ. ජෙප්පන්ට අයත් කොමන් එක කොල පැහැ මේස වලින් යුත් බැවින් එය ග්‍රීන්ස් ලෙස හදුන්වයි. කෙසේ වෙතත් කෝලම ජෙප්පන්ටත් අවලම අලයන්ටත් වශයෙන් වෙන් කර ඇත. මා පැමිනි කාලය තුල අලයන් මෙහෙය වුවේ බන්ඩාර අයියාය.

ගමෙන් පැමිනියද චතුර ලෙස තම වාග් ප්‍රහාරය මොහු හැසිරවුවේ ජෙප්පන් නන්නත්තාර කරමිනි.බන්ඩාර අයියා සතු වු ගැමි අහින්සක කටහඩ අභියස ජෙප්පන්ගේ නායකත්වය දැරූ මාළුවාගේ රළු කර්කශ කටහඩ වියැකී ගියේ අලයන්ට විශිෂ්ඨ ජයක් ලබා දෙමිනි. මෙයින් කුපිත් වූ ජෙප්පන්ගේ නොමනා හැසීරීම හේතුවෙන් අවසානයේ සිදු වුවේ සරසවිය තුල මැතිවරණ පැවැත්වීම සපුරා තහනම් කිරීමය. මේ අනූව සරසවියේ අවසාන මැතිවරනයේ ඡන්ද දායකයෙක් වීම මා ලද භාග්‍යකි. ඉන්පසු මා සරසවිය තුල ගත කල වසර තුන තුල මැතිවරණයක් ඇස නොගැටුනි.

2 comments:

  1. හැම විශ්වවිද්‍යාලයකම "අලයන්" යනු ආණ්ඩුවට කත් අදින්නන් නොවේ. ඒ නිසා මෙසේ ප්‍රකාශ කිරීමේදී ප්‍රවේශමෙන් කරන්න. කොළඹ විශ්වවිද්‍යාලයේදී එසේ වුවත් අනෙක් විශ්වවිද්‍යාල වලදී තත්වය වෙනස් විය හැකිය.

    "අලයන්" යනු නවක වධයට (හා සමාජවාදී ශිෂ්‍ය සංගම් වල ඇතැම් අනිසි ක්‍රියා වලට) විරුද්ධ වන්නන් ය. එනයින් මමද අලයෙක් වෙමි. ඒත් අපි මේ ආණ්ඩුවට හෝ කිසිදු ආණ්ඩුවකට කත් අදින්නෝ නොවෙමු.

    ReplyDelete
  2. බණ්ඩාර අයියා කියන්නේ සමන්තිලක බණ්ඩාර නේද..? බණ්ඩාර අයියා අන්තර් පීඨ සහයෝගීතාවයටත් සෑහෙන්න කැපවීමක් දරපු නායකයෙක්. මමත් බණ්ඩාර අයියව අඳුරගත්තෙ ශිෂ්‍ය සංගමය හරහා තමා. මමත් ඔය කියන විදිහට නම් අලයෙක් ඒත් කලා පීඨයේ අලයොත් කියන්නෙ අපිට අලයො කියලා. ඇත්තටම අලයො කියන්න ඕනි ගිරවින්ට ඉස්කෝලෙ එනවා වගේ කැම්පස් එන තමන්ගේ වැඩේ විතරක් කරගන්න හදන එවුන් තමා අලයො කියන එවුන්ට මගේ තියෙන නිර්වචනය කොටින්ම ඒක කූඹියා කියනවා වගේ අදේශපාලනික චරිත...

    ReplyDelete