Friday, August 14, 2009

මඩ බකට්.

නවක වදය අවසාන වන්නේ මඩ බකට් දීමෙන් අනතුරුවය. මඩ බකට් යනු ජේෂ්ඨයන් විසින් නවකයන් නාවා ගෙට ගැනීමයි. වෙනත් වචනයකින් කිවහොත් නාවා පිලිගැනීමයි. මෙහිදී නවකයන් සියලු දෙනා හට එලව එලවා ගොස් වතුර ගැසීම සිදුවේ. මෙහිදී ඇදුම් නොතෙමුනු ඔනෑම කෙනෙකු ජල සටනට හසු වේ. මුලු විශ්ව විද්‍යාලයම තෙත් වන අතර මඩ ගොහොරුද ඇතිවේ. එහෙත් මෙම ක්‍රියාවෙන් ලබන තෘප්තිය අසීමිතය. සමහරුන් වසරකට වරක් සිදුවන තම ස්නානය සිදුකර ගන්නේ එතැනදීය. ජල බින්දුවක් වැටුනත් චීයා කියම්න් උඩ පනින "වෙන්න පොශ්" අයද සිටියී.එවන් අයට එලොව පොල් පෙනෙන්නටම එලව එලවා ජල ප්‍රහාරයන් දීමට සීනියර්ස්ලා සමත් වේ. එවන් විටකදී කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල වූ කලක මෙන් හඩමින් ශාප කරමින් ඔවුන් එතැනින් පිටවන්නේ කිසිදු දිනයක ජල බින්දුවක් තම සිරුරට නොවැටුන පරිද්දෙනි.නිවසේ ජල පහසුකම් අවම අය මෙන්ම නේවාසිකගාරයේ නාන පෝලිමේ සිටීමට අකමැති අය නොමිලයේ ලැබෙන නෑම දේවාශිර්වාදයක් ලෙස සලකති. එහෙත් බොහෝ විට ඔවුන්ට සිදුවන්නේ ඉල්ලා මඩ නා ගෙන, තාවකාලික ජල පොදකින් සිරුර තෙමා ගෙන ගොස් නැවත නේවාසිකාගාරයේ නාන පෝලිමේ තැපීමටය.

බකට් දිනය කල් තබා දැනුම් දෙන බැවින් එදිනට පරන රෙදි කඩමල් ඇදගෙන පැමිනීමට නුවනැත්තන් කටයුතු කරති. යලටමහට සරසවියට පැමිනි මා හට එවන් පූර්ව දැනුම් දීමක් නොලබුන හෙයින් ජල බාල්දියකම පහස ලැබුන බව මට තවමත් මතකය. එයත් ඇදගෙන නෑමකි. දේශනය හමාර වූ පසු කලින් පනින්නට ගිය මා හසු වූවේ බාල්දියක් ඔසවගෙන යන අයියා කෙනෙකුටය. "මේකි නාලා නෑ" යන්න ඔහුගෙන් ඇසුනු විගස එතැනට එක් රොක් වු තවත් දෙතුන් දෙනෙකු මගෙ පොත් පත් අරගත්හ. ඒවා තෙමෙන්නට දීම ඔවුන්ගේ සම්ප්‍රධාය නොවේ. ඉන්පසු සියොලගම වෙලා ගත්තේ සිසිලසකි. මාද බකට් ප්‍රහාරයට ලක්විය.

6 comments:

  1. හ්ම්.. ඕක මාර ආතල් වැඩක්. අපේ නම් සීනියර් ජූනියර් දෙගොල්ලොම වතුර (හැබැයි මඩ වතුර නෙමෙයි) ගහගන්නවා. අරුං මුංට ගහනවා - මුං අරුංට ගහනවා. පට්ට ආතල්!

    මට මතකයි මං ෆ්‍රෙෂෙක් වෙලා හිටපු කාලේ සීනියර් අයියලගෙ කරපිටින් ගිහින් නෑවේ. දහයක් විතර වට වෙලා මාව අල්ලගත්තා.. උස්සගෙන ගියා ටැප් එක ළඟට... ලොකු බාල්දියක් පුරවලා එකක් නෑව්වා මතකයි.

    ReplyDelete
  2. ජපුරේ නං නාවන්නෙ දහජරා දියරයකින්. ඒකෙ මොන මල ජරාව තියේද කියලා දෙයියො තමා දන්නෙ.
    හොඳ වෙලාවට අපේ සයන්ස් එකේ ඔය ගොන්පාට් දාන්න දෙන්නේ නෑ. මැනේජ්මන්ට් එකේ එවුන් නාලා ආවාම උන්ට පිරිසිදු වෙන්න හොඳ වතුර දෙන්නෙත් අපේ එවුන්.

    මගේ දැක්ම අනුව නම් තවත් එක් ගොං ජෝක් එකක් !
    ඔබේ දැක්ම වෙනස් විය හැකි නිසා මා සමග රණ්ඩු කරන්න එපා :D

    ReplyDelete
  3. හැමදාම ගෙදර ඇවිත් නාවන්න බැරිද කියල ඇහුවනම් . . . ?? හික්ස්

    ReplyDelete
  4. අපි joniers ලා කාලේ ලැබ්ච්ච බකට් එක මතක් වෙනවා. ශාකුලන්තල අයියලා තමයි බකට් එක දුන්නෙ. මුලින්ම අපිව පිට්ටනියේ වාඩි කරලා අයිස් ක්‍රීම් සංග්‍රහයක් දුන්නා. එතකොට අයියලා අක්කලා අපිව වට කරගෙන. අපිට තේරුනා වැඩි වෙලා යන්න කලින් වතුර ප්‍රහාරය එල්ල වෙන බව. එක පාරටම අර වට වෙලා හිටපු අයගෙ උඩින් වතුර පුරවපු ෆොපින් බෑග් 100 විතර වාඩි වෙලා හිටපු අපිට එල්ල උනා. ඊට පස්සෙයි වතුර හුවමාරුව පටන් ගත්තෙ. මේක පට්ට ආතල් වැඩක් නේ. වැඩිය නෑ හවස 6 ඉඳලා රෑ 8 වෙනකම් නෑවා. හැබැයි ජරාව නෑ වතුර විතරයි. අනික කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම. අන්තිම ආතල් එක තමයි වතුර බේරි බේරි බස් එකේ යන එක. හික්ස්...

    ReplyDelete
  5. මං එදා රෑ 8ට විතර මාතර යන බස් එකක එල්ලිලා ගියේ වතුර බේරි බේරී. මිනිස්සු බලනවා හොල්මනක් දිහා බලන්න වගේ. කොණ්ඩෙත් දිගයිනේ ඒ දවස්වල. :D

    ReplyDelete