Wednesday, August 19, 2009

"ෆ්‍රෙෂර්ස් නයිට්" හෙවත් නවක රාත්‍රිය.


නවක වදය හමාර වී මාස තුනකට පසු බකට් ප්‍රහාරයද එත් සමගම වාගේ නවක රාත්‍රියද පවත්වයි. මෙය ස0විධානය කරනු ලබන්නේ ජේෂ්ඨ සිසු සිසුවියන් විසිනි. මෙය සිදුවන්නේ නවකයන් පිලිගැනීම අරමුනු කොටගෙනය. නවක රාත්‍රිය පැවැත්වීමට ආසන්න වනවිට විද්‍යා පීඨයේ ඇති නව කලාගාරයට (නැට් එකට ) නිදහසක් නැත. ලොව ඇති නේක නම් ඇති ඉ0ග්‍රීසි, දෙමළ සහ සි0හල චිත්‍රපට මෙම කාලය තුල පෙන්වා මුදල් ලබා ගැනීමට සිසු කන්ඩායම් උත්සුක වේ. එමෙන්ම මෙම කාලය තුල බූක් මාර්ක් එලිය පෙහෙලියට පැමිනීමද දැකිය හැක. කෙසේ හෝ මුදල් ලබගෙන නවක රාත්‍රිය සැලසුම් වේ.

නවකයන්ටද මෙය සුවිශේශී දිනයක් වේ. එයට හේතුවනම් බය සැක දුරලා තමාට අවැසි ලෙස සතුටු වීමට ඔවුන්ට මෙහිදී හැකියාව ලැබීමයි. හොර රහසේ අතින් අතට යන මදුවිත බෝතල්ද තිබෙනා බැවින් සමහරුන්ට නම් මෙය රාජ්‍ය භෝජනයකට ගියා හා සමානය. බොහෝ තරුණයන් ප්‍රථම වතාවට මධුවිත පානය කරන්නේද මෙහිදීය. සමහර තරුනියන්ටද මධුවිත බෝතල් ලැබේ. ගමෙන් පැමින තමාට ලැබෙන නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නා තරුනියන් මෙහිදී මත් වී නටමින් විකාර කිරීම සුලභ දසුනකි. කන්ඩායම් සිගරට් පානයත් සිදු වේ. කිවයුතු වැදගත් දෙයක්ද ඇත. එනම් මෙම සුරාපානය සිදුවන්නේ කාටත් හොර රහසෙනි. බොහෝ දෙනා මෙය සිදුවනබව දන්නේ නැත. එය දැන ගැනීමට ලැබෙන්නේ ශිෂ්‍ය ස0ගම් සමග ලගින් ඇසුරු කරන්නන් සහ ශිෂ්‍ය ස0ගම් වලට බැදී සිටින්නන්ටය.ඔවුන්ගෙන් කටින් කට යන වචනයේ බලයෙන් අනිකුත් අයටත් සුරා පානයට අවස්ථාව ලැබේ.

අපේ නවක රාත්‍රිය පැවැත්වුවේ නීති පීඨයට අයත් "ජිම්" එකෙදීය. නවක සිසුවියන් රාත්‍රී සාදයකට උචිත ලෙස නේකවිද වර්ණවත් සාරි වලින් සැරසී සිටිය යුතු අතර නවක සිසුන් සුදු අත් දිග කමිසය සහ කලු කලිසමත් රතු ටයි පටියත් පැලදීම අනිවාර්ය වේ. මුස්ලිම් සිසුවියන්ට කලු ෆර්දාව හැදීමට හැකි වුවත් එයද සාදයකට සුදුසු විය යුතුය.

පලමුව නවක සිසුවියන් පෙල ගැස්වීමත් පසුව නවක සිසුන් පෙල ගැස්වීමත් සිදු වේ. ඉන්පසු තමා පෙල ගැසී සිටිනා පිලිවෙලට සිසුවියකට සිසුවෙක් වශයෙන් ජෝඩු කිරීම සිදු වේ. සිසුවියන් ප්‍රමානය වැඩි බැවින්දෝ සමහර සිසුවියන් හට සිසුන් දෙදෙනෙකු ජෝඩු විය. මමද අයත් වන්නේ එම කාන්ඩයටයි. ගෙදර පෙරැත්තයට පෙම්වතා සමග එතැනට පැමිනි මට සිදු වුවේ ඔහු පසක සිටියදී නොදන්නා කොලුවන් දෙදෙනෙකුට මැදිව ඔවුන් දෙදෙනගේ අත් අල්ලා ගෙන ඉදිරියට ගමන් කිරීමටය. එපමනක් පමනක් නොව හිද ගත යුත්තේද ඔවුන් සමගය.

අපට ලැබෙනා කලා පීඨය සහ වර්ෂය සදහන් පිගානත් තුරුලු කරගෙන මුන නාළු කරගෙන ඇතුලට පිවිසි මා අක්කා කෙනෙකුට නේක විද කරුනු ගෙන හැර පාමින් අවසානයේ පෙම්වතා සමග හිද ගැනීමට අවස්ථාව සලසා ගත්තෙමි. මෙය මාගේ සරසවි දිවියේ නොවෙනස් වන සදාකලික මතකයක් බව කිව යුතුමය. මට ඔහු කරා යාමට හැකි වුවේ ඔහු වෙනත් සරසවියකට අයත් සිසුවෙකු වූ බැවිනි. කොළඹ අපි වෙනත් සරසවි සිසුන්ට සලකනේද අපේම සොයුරු සොයුරියකට මෙන්ම බව සරසවියට පැමිනි පලමු දිනම අපෙ ශිෂ්‍ය ස0ගමයක සොහොයුරෙක් කියූ බව මට මතකය.

9 comments:

  1. අපෙත් පිට අයට එන්න පුලුවන් නවකයන් පිලිගැනීමේ සාදයට. නමුත් වෙනසකට තියෙන්නේ, අපේ උත්සවය වි.වි.යෙන් පිට තැනක පැවැත්වීම. අපිට නම් වාඩි වෙන තැන , වාඩි වෙන යාළුවෝ ගැන නම් ප්‍රශ්නයක් නෑ

    ReplyDelete
  2. අපට නම් ඔච්චර බලපෑම් නෑ. ඕනෙ කෙනෙක් එක්ක ඕනෙ විධියකට වාඩි වෙන්න පුළුවන්. හැබැයි නවකයින්ට පිට අය එක්කගෙන එන්න බැහැ.

    අපේ නවක රාත්‍රියත් පැවැත්වෙන්නෙ නව කලාගාරයේ. ඊට පස්සෙ DJ එක තියෙනවා auditorium එකේ.

    ReplyDelete
  3. අපේ freshers night එක තියන්නෙත් කැම්පස් එකෙන් පිටත හෝටලයක. හේතුව සමාජවාදී අයියලාට මේ "විගඩම්" බලා සිටීමට අපහසු නිසා අතින් පයින් ක්‍රියා කිරීමට ඒම.

    අපෙත් ඔය කියන ජෝඩු ගැස්සවීම් වගේ දේවල් නම් නැහැ. කැමති දෙයක් ඇඳගෙන ඇවිත් කැමති විදියට විනෝද වෙලා යන්න පුලුවන්.

    සුරා පානය නම් කෙරෙනවා. නමුත් ජ්‍යෙෂ්ඨ සිසුන් අතරේ විතරයි. නවකයන්ට නම් ඒ පැත්ත පලාතේ එන්න දෙන්නෙ නෑ :D

    ඕක නෙමේ හිනා යන වැඩේ. සමහර "සමාජවාදී" පීඨවල social එකට එන්න කියන්නේ එක වගේ සුදු ඇඳගෙන. හේතුව ඇති-නැති භේදය ඉස්මතු නොවී හැමදෙනාම සමාන අය කරන්නලු. හැබැයි ජ්‍යෙෂ්ඨ සිසුන් නම් එන්නේ රාත්‍රී සාද වලට අඳින වටිනා ඇඳුම් පැලඳුම් ඇඳලා :D සමානාත්මතාවය පලමු වසරෙදි තිබ්බාම මදෑ.. නේද?

    ReplyDelete
  4. @ඉන්ද්‍රනාම,
    නියම ටොක්ක. :)

    ReplyDelete
  5. අනේ මේවා කියවද්දි නම් මාර දුකයි... අපිට ඉතිං ඔය වගේ ආතල් කැම්පස් life එකක් නෑනෙ... :( මේ වගේ වෙලාවට තමයි හිතෙන්නෙ අනේ පේරා වගේ ගියා නම් මරුනෙ කියලා... අපේ Freshers' Night එකයි ඉස්කෝලෙක concert එකකයි අතර එච්චරම වෙනසක් නෑ... ඒත් ඉතිං අධ්‍යාපනේට තියෙන පහසුකම් ටික බලලා හිත හදාගන්නවා...
    අර සොනාලි කිව්ව විදියට කෙල්ලයි කොල්ලයි අත් අල්ලං යවන එක අපේ කැම්පස් එකේ කළා නම් ඉතිං එක කෙල්ලව අල්ලන් යන්න කොල්ලො 5ක් 6ක් ඉඳීවි... (Mora Ratio එකනෙ)
    අනේ මංදා... කෙල්ලෙක්ට තියෙන්නෙත් අත් දෙකයි... :D :D

    ReplyDelete
  6. @ධනික
    NDT ආවනම් ඔහොම අඩන්න වෙන්නෙ නෑනෙ :P

    අපෙත් ඔයිට සමානයි.. හැබැයි බිව්වද කියල නම් දන්නෙ නෑ..

    ReplyDelete
  7. @ඉන්දරේ
    "අපේ freshers night එක තියන්නෙත් කැම්පස් එකෙන් පිටත හෝටලයක. හේතුව සමාජවාදී අයියලාට මේ "විගඩම්" බලා සිටීමට අපහසු නිසා අතින් පයින් ක්‍රියා කිරීමට ඒම"
    කටේ මසුරන් දාන වටිනවා ඔය කතාවට

    ReplyDelete
  8. අපේ කැම්පස් එකේ තියෙන විදිහ එක අතකින් හොඳයි කියලත් හිතෙනව, ඒත් ධනික කිව්ව වගේ කිසිම ආතල් එකක් නම් නෑ තමයි. හැමෝටම කැමති ඒව ඇඳන් එන්න පුලුවන් හැබැයි සීමාව තුළ (ගෑණු ලමයි සාරිය/ඔසරිය, පිරිමි ලමයි දිග කලිසම හා කමිසය ). පොඩි සෙල්ලමක් කරල ආතල් එකක් තියෙනවනම් හොඳයි. අර කිව්ව වගේ කෙල්ලො කොල්ලො එකට දාල කරන ඒව නම් කරන්න බෑ තමා. :D :D :D

    ReplyDelete
  9. (campus) life is beautiful. හැබැයි ඒ තරම් lucky නෑ.job එක විතරයි නේ එතන

    remove this word verification.

    ReplyDelete