Friday, July 17, 2009

නවක වදය


බොහෝ දෙනා සිතා සිටින්නේ සරසවි යාම ඵලකට නැති ක්‍රියාවක් කියාය. එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ "කැම්පස් රැග්" එක නිසා සරසවියට යා නොහැකි බවය. තවත් සමහරු පවසන්නේ සරසවියට පුදන වසර තුනක හෝ හතරක කාලය රැකියාවක් සදහා යෙදවීම වඩාත් ඵළ දායී බවය. තවත් සමහරු පවසන්නේ පිටරට ඩිග්‍රිය වැදගත් බවය. කවුරු කෙසේ මොනව කිව්වත් ඔවුන් සරසවි බ්මට අතුලත් වීමට වරම් ලදහොත් අනිවාර්යයෙන්ම සරසවි අධ්යාපනය ලබන බවද නොරහසකි. තමා සරසවි යාමට තරම් සුදුසුකම් ලබනවද යන්න ඔවුන්ටම ගැටලුවකි.

කෙසේ වෙතත් මා පවසන්නට යන්නේ මා අතුලත් වු සරසවියේ නවක වදය ගැනය. සැබැවින්ම නවක වදයක් නොතිබුනි. එය සත්‍යයි. දරුණු රැග් නොතිබුනද ඉතාමත් දරුනු වාග් මාලාවන් නම් ඇසීමට ප්‍රථම වසර අපි සැමටම සිදු විය. කෝළම ලෙසෙ හැදින්වූ එක පෙදෙසක් විය. ගස් වලින් ගහන වු එම පෙදෙසේ භාරකත්වය තිබුනේ ජනතා විමුක්ති පෙරමුනට කත් අදින ජෙප්පන් හටය. සරසවිය ගැන දැනුමක් ඇති පිරිස් ඔවුන් මග හැර ගියද එවන් අත්දැකීම් නැති අපට සිදු වුවේ ජේශ්ඨ උත්තම උත්තමාවියන්ගේ නවක ආතල් වලට හසුවීමටය.

සරසවියට පා තබා ගතවු දෙවනි දවසේම එවන් වාග් ප්‍රහාරයකට හසු වීමට මටත් මගෙ මිතුරියටත් සිදු විය. කෝලම අසලින් ගමන් කරද්දි "නන්ගි නන්ගි ෆස්ට් ඉයර්ද?" යනුවෙන් හඩ තැලූ අක්කා කෙනෙකුගේ වදන් වලින් බිරන් තට්ටු වූ ප්‍රථම වසර සිටි මා අතුලු තවත් ගැහැනු ලමො සතර දෙනෙකු ගිටාර් ගසන දෙපා වලින් යුතුව ඇය අසලට පිය මැන්නෙමු. ඇය සිටියේ පිරිමියෙකු මෙන් දෙපාද උඩට ගෙන ගල් බ0කුවක සිදගෙනය. ඇය අසල සිටි චීවරධාරියා දුටුවිට මාගේ පාද ගල් ගැසුනි. සිවුරට කිසිදු ගෞරවයක් නොදී අසීලාචාර ලෙස සිද සිටින ගැහැනු ලමයෙකු අසල බොදු පුතනුවෙකු සිටිය යුතුද යන්න මට සිතුනි.

කෙසේ වෙතත් ඔහු සිටින බව ඇයටද ඇය සිටින බව ඔහුටද කිසිදු ගැටලුවකට තුඩු දුන් කාරනයක් නොවූ බව එතැනට පිය මැන්න අප සැමටම පසක් විය. චීවරධාරී ඔහු කෙරෙහි මා සිත තුල ඇති වු පිලිකුල දෙගුන තෙගුන වූවේ ඔහුගේ සහ ඇයගේ අමු තිත්ත කුනුහරුප වාග් මාලාවට හසු වු විටය. තොරන් ගසා පලමු දිනයේදි අප පිලිගත් ජේශ්ටයන් දෙවන දිනයේ අප පිලිගන්නෙ අමු කුනු හරුප වැලකිනි. එතනදි ඇසුනු සමහරක් වචන වල තේරුම තවමත් මට සොයා ගත නොහැකි විය.එම වචන මාලවට පසු අපහට කාඩ් දැමීම ආරම්භ කිරීම පටන් ගත් අතර එතැනදී ඔවුන් මග හැර ලිස්සා යාමට අප සමත් විය

2 comments:

  1. අලයන් ගේ පාරාදීසය වූ union එක පැත්තේ ද ඕවා තරමකට තිබූ බව මතකය. ඒත් වැඩිය තිබුණේ කෝලමේය... සමාවෙන්න කලින් comment එකකදී කීවේ මල්ලි කියා ය.

    ReplyDelete
  2. හපොයි මාත් හිතුවෙ කොල්ලෙක් කියල!
    කැම්පස් වල ඉගෙනගන්න භික්ෂූන් නම් අඩුයි. වැඩි හරියක් ඉන්නේ ශ්‍රමණ වේශධාරීන්.

    ReplyDelete