Saturday, July 18, 2009

සරසවි පෙම


සරසවිය තුල ප්‍රෙමය යනු වැඩිපුරම කතා බහට ලක්වන කාලීන මතෘකවකි.සරසවියට පැමින දෙවන සතිය වනවිට තම ප්‍රෙම පුරාණය ලිවීමට බොහෝ කොල්ලන් පටන් ගනී.එහෙත් මෙම පෙම් ජවනිකා අවුරුද්දකට වඩා පවතින්නේ නැත. කොල්ලන් එසේ උවද කෙල්ලන් නම් තම පෙම්වතා සොයා ගන්නේ වෙහෙස මහන්සියෙනි. ගමේ වරකා ගමේ කපුටන්ට කන්න නොදී පිටගම් යාමට ඔවුන් බොහෝ සේ උත්සුක වේ. බොහෝ ව්ට නීති පීඨයට හෝ විද්‍යා පීඨයට ගොස් තම පෙම්වතා සොයා ගැනීමට ඔවුන් උත්සුක වේ. එහෙත් එකම පීඨයේ කෙනෙකු පෙම්වතෙකු කරගන්න කෙල්ලන් පලමු අවුරුදේ සිටින කෙනා සමග දෙවන අවුරුදේ සිටින්නේ නැත, ඉතා කලාතුරකින් විවාහයෙන්ම අවසන් වන පෙම් සම්බන්ධතා නැතුවාම නොවේ.

සරසවිය යනු පෙම්වතුන්ගේ රජ දහනකි. ගල් බන්කු, පුස්තකාලය, හට් සහ කැන්ටිම පෙම් සුව විදින්නට යොදා ගැනේ. සීගිරිය ලෙස හැදින්වෙන භාවිතයට නොගන්නා අදුරු මුල්ලක සැගව ගත් තරප්පු පේලිය පෙම් සුව වින්දින්නන්ට වඩා කම් සැප වින්දින්නන්ට තෝතැන්නකි.සරසවියට පා තැබූ මුල් කාලයේ මේවා ගොඩයන්ට මැජික් සේ පෙනුනද පහු වන විට ඒවා එතරම් ගනන් ගත යුතු වන්නේ නැත.

එකම බැච් එකේ කොල්ලෙකු සහ කෙල්ලෙකු ගොඩ යාම(පෙම්වතුන් වීම ) ඉතා ඉහලින් සමරන්නකි. මෙය මල් බකට් ලෙස හැදින් වේ. කොල්ලාව සරසවියේ ඇති පොකුනකට උස්සා දමා නැහැවීම., අත් කරත්තයක මල් සහ ට්න් එල්ලා පෙම් යුවල හිදුවා සරසවිය වටේ රවුමක් ගෙන යාම මෙහිදී සිදු වේ. මෙය බොහෝ විට කරනු ලබන්නේ පිරිමි පාර්ශවයේ යහළුවන් විසිනි. එය ඉතා ඉහලින් සැමරුවද ටික දිනකින් පසු දෙපොල වෙන් වී සිටීමද දක්නට නැතුවා නොවේ. එවන් විටක ඒ ගැන ප්‍රශ්න නොකිරීමද සරසවි සිසුන්ගේ ගුනාන්ගයකි.

3 comments:

  1. Are u a girl or boy?
    Arts Faculty එකේ කෙල්ලෝ ආතල් නෑ මල්ලි! මම අත්දැකීමෙන් කියන්නේ! Inter-faculty affairs නම් බහුල වශයෙන් තියෙනවා.(Specially in Arts Faculty) ඒ පඩි පෙළට "සිරී පාදේ" කියලත් කියනවා. ඔයාට හිතන්න පුලුවනිද දවසක් මට ඒකේ තිබිලා හම්බවුණ දේ? (අපි ඒක ගැන හොඳ research එකක් කරල තියෙනවා)Arts Faculty එකේ තව තැන්ද තිබේ!!

    ReplyDelete
  2. නිරන්ජන් අයියා කියන්නේ රබර් වගේ ඇදෙන දෙයක් ගැනද? :D

    ReplyDelete
  3. he he i am a girl. ඔව් ඔව් මම දන්නවා හම්බවුන දේ. අනිත් තැන් ගැනත් දන්නවා. එක සැරේ ඔක්කොම කියන්න බැහැනෙ. ඔය ආට්ස් එකෙ කෙල්ලො ලස්සන නැහැ කියන එක ගැනත් කියන්න තියනවා. තාම කිව්වෙ නැහැ

    ReplyDelete